අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සටන් පාඨ බෝඩ් ලෑලිවලින් රටක් සංවර්ධනය කළ නොහැකියි

    ජනවාරි 03, 2016

    සටන් පාඨ බෝඩ් ලෑලිවලින් රටක් සංවර්ධනය කළ නොහැකි බවත්, රට ගොඩනැංවීම සඳහා කඩිනම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ ආර්ථික ගමන්මග සඳහා ශක්තියක් වන මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය දෙස රටේ ජනතාව අවධානයෙන් පසු වන බවයි.

    අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, 2016 නව වසර උදාවත් සමග මුදල් අමාත්‍යාංශයේ නිල කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයේ දී ය.

    2015 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික සංවර්ධන වේගය 5.4% මට්ටමක පැවැතීමෙන් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සනාථ වෙනවා.

    වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂයේ සුළුතර කණ්ඩායමක් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට මෙය සාර්ථක පිළිතුරක් බව ද අමාත්‍යවරයා පැවසී ය.

    අපි කතා කරන යුගය පැත්තකට දාල වැඩ කරන යුගය ආරම්භ කළා. මේ අයවැය ඉදිරිපත් කළේ සියලු දෙනාගේ ම අදහස් එකතුකරලයි. ඒ තුළින් රට නව ගමනකට අවතීර්ණ කිරීමයි අපේ අරමුණ. රුපියල් බිලියන 2004 උපයා ගැනීම වගේ ම, වෙන් කරල තියෙන රුපියල් බිලියන 3484 වියදම් කරන්නෙ කොහොම ද කියල, රටේ ජනතාව බලාගෙන සිටිනවා. අඳුරට ශාප නොකර එක් පහනක් හෝ දැල් වීම කෙතරම් වටිනව ද? ඒ නිසා අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නෙ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පැත්තකට තියල 2016 ජයග්‍රාහී වර්ෂයක් බවට පත් කර ගන්න කටයුතු කරමු කියලයි.

    බෝඩ් ලෑලි අල්ල ගෙන සටන් පාඨ කියල රටක් සංවර්ධනය කරන්න බෑ. එදා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට සිදු වුණා උතුරට අධිවේගී මාර්ගයක් ඉදි කරනව ද එහෙම නැත්නම් හාල් සේරුව අඩුවට දෙනව ද කියල තීරණය කරන්න. නමුත් කරන්න සිද්ධ වුණේ අඩුවට හාල් දෙන එකයි. එදා උතුරට අධිවේගී මාර්ගය හැදුව නම් මොන තරම් වටිනාකමක් තියෙනව ද? සියලු දෙනා ම එකතු වෙලා වැඩ කරන්න කාලය ඇවිල්ල තියෙනවා. නිදහසෙන් පසු රට තුළ සැබෑ සංවර්ධනය ඉතා අඩුවෙන් දකින්නට තියෙන්නෙ. මහබැංකු අධිපතිතුමා ඊයේ කිවුව 2015 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික සංවර්ධන වේගය 5.4කියල. රටේ සංවර්ධනයක් නොමැති බවට පදනම් විරහිත ප්‍රකාකරන සුළුතරයට මේ හොඳ ම උත්තරේ තමයි ඒ ලැබිල තියෙන්නෙ යැයි ද අමාත්‍යවරයා පැවසී ය. 

    මෙම අවස්ථාව වෙනුවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු නියෝජ්‍ය ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya