අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වඩාත් හොඳ ජීවන තත්ත්වයක් හෙට දවසේ උදා වනු ඇත - මුදල් ඇමැති

    ජනවාරි 03, 2016

    නව රජයට 2016 අයවැය අලුත් මානයකින් ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත්, අඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් මග පෙන්වීම මත, මුදල් අමාත්‍යවරයා ලෙස රටේත්, ජනතාවගේත් ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීමේ භාරධූර වගකීම තමා වෙත පැවරී ඇති බවත් මෙරට අයවැය ඉතිහාසයේ මෙතරම් පොදු ජන අවධානයට ලක් වූ අයවැය වන්නේ 2016 අයවැය බවත් ඒ මහතා දක්වයි.



    රට තුළ සැබෑ වෙනසක් සිදු කිරීමට නම් මෙතෙක් පැවැති අවිධිමත් ගමන් මග වෙනුවට අලුත් නිවහල් චින්තනයකින් කටයුතු කිරීමට සිදුවනු ඇත. එහි දී අප කැමැති මෙන් ම අකැමැති අවස්ථාවන්ට ද මුහුණදීමට සිදු වීම ස්වභාවික ය. ඒ පිළිබඳව සැබෑ අවබෝධයකින් තොරව කිසි‍වෙකුටත් මේ ගමන යා නොහැක.


    අප රට දශමයකින් හෝ ඉදිරියට ගෙනයෑමට රටට ආදරය කරන පුරවැසියන් ලෙස ඔබ කල්පනා කරන්නේ නම්, මේ උදාවී ඇත්තේ ඊට හොඳම අවස්ථාව බව මාගේ විශ්වාසයයි.


    භේදයකින් තොරව රට වෙනුවෙන් එක්වන්නැයි මම ඔබට ආරාධනා කරමි. මේ ඊට හොඳ ම අවස්ථාවයි.සියලු දෙනාගේ ම අභිමානයේ වසර උදාවෙයි, යනුවෙන් අමාත්‍යවරයා තම සුබ පැතුම් එක් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya