අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ජයග්‍රහනයේ සැමරුමට එක්වන්න- අමාත්‍ය දයාසිරි ජයසේකර

    දෙසැම්බර් 31, 2015

    රට පුරා ජාතික කොඩි ඔසවා ලබන 08 වැනිදාට යෙදෙන යහපාලන ජයග්‍රහනය සිහිපත් කිරීම වෙනුවෙන් එක් වන ලෙස ක්‍රිඩා කටයුතු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ අනාගතයේ නීතියේ ආධිපත්‍ය රැකගැනීම වෙනුවෙන් රජයේ කැපවීම පෙන්නුම් කරන පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් පක්ෂ දෙකක එකමුතුවක් ලෙස මෙම ක්‍රියාදාමය ගෙන  යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    "වසරක වෙනස" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව ජනවාරී 08 හා 09 යන දෙදින තුළ පැවැත් වේ.

    මෙම වැඩසටහන ලබන 08 වන දින උදෑසන කළුතර බෝදීය අසල දී ජනාධිපතිතුමාගේ පුධානත්වයෙන් පැවැත්වෙන බෝදී පූජාමය පිංකමකින් ආරම්භ වේ. අනතුරුව දහවල් 2.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෛන් ජාතික සභාවත් පැවැත් වේ. මේ සඳහා රජය කිසිඳු වැය බරක් නොදරයි.

     

    එදින රාත්‍රි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත් වෙන අතර පසු දින සවස නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන  සංස්කෘතික උත්සවයෙන් අනතුරුව මෙම සැමරුම අවසන් කිරීමට කටයුතු සම්පාදනය කොට තිබේ.

     

    මෙම සංස්තෘතික උත්වසවය සංස්තෘකිත අමාත්‍යාංශය , ජනමාධ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා තරුණ සේවා සභාව යන රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    ජනාධිපති සම්බන්ධිකාරක, නීතීඥ ශිරාල් ලක්තිලක මහතා  මෙම උත්සවයේ සැලසුම් පිළිබඳව අදහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya