අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි - අමාත්‍ය රාජිත සේනාරත්න

    දෙසැම්බර් 31, 2015

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    රාජිත සේනාරත්න පදනම සහ යහපාලන සංසදය එක්ව සංවිධානය කළ පාසල් දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    පානදුර නගර සභා ශාලාවේ දී පසුගිය 29 වැනිදා පැවැති එම උත්සවයේ දී පාසල් සිසුන් 625 දෙනෙකු හට පාසල් උපකරණ බෙදාදීම සිදු විය.

     

    වාහන බලපත‍්‍ර ලබාදීම සහ වැටුප් විෂමතා ගැටළු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය 29 වැනිදා පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාව පිළිබදව මෙහි දී අමාත්‍යවරයා අදහස් දැක්වීය.

    අද දින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාව සාර්ථක අවසන් කරන්න හැකි වුනා. රජයේ වෛද්‍ය නිලධාරින්ට තවත් ගැටළු ඇත්නම් ඒවා විසදීමට ද මම සුදානම්. සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදීම යහපාලනයේ ප‍්‍රධාන ලක්ෂයක්.” යයි අමාත්‍යවරයා පැවසීය.

     

    ජනතාවට සහන සලසන අයවැයක් රජය ඉදිරිපත් කර තිබේ. ඇතැම් යෝජනා සාකච්ඡා මාර්ගයෙන් සංශෝධනය කෙරුණි. වත්මන් රජය විරුද්ධවාදීන්ගේ මතයටත් ඇහුන්කන් දුන්හ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලය තුළ දේශපාලනඥයින් පසුපස ගොස් රැකියා ඉල්ලන සංස්කෘතිය වෙනස් කෙරෙන බව සදහන් විය.

     

    "ලෝකය වෙනස් කළේ කෙසඟ සිරුරක් ඇති මිනිසුන්. අවශ්‍ය වේලාවට තීන්දු තීරණ ගත්තා. ඉන් පසු අපි මෛත‍්‍රී පාලනයක් රට තුළ ස්ථාපිත කළා. ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ විවිධ මතවල සිටි අපි දැන් එකතු වෙලා රට පාලනය කරනවා. එම යහපාලනය කඩාකප්පල් කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. 1956 දී බණ්ඩාරනායක මහතාට සිදු වූ දෙය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවෙන්න අපි ඉඩදෙන්නේ නැහැ. අපි වත්මන් ජනාධිපතිවරයා තනි කරන්නෙත් නැහැ. ඔහු සමග ඉදිරියටම ගමන් කරනවා. ඉදිරියේ දී ඇතිවිය හැකි සියළු අභියෝග පරාද කරන්න අපි සුදානම්" යයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

     

    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී විජිත් ප‍්‍රියන්ත මහතා, හිටපු ප‍්‍රාදේශිය සභා සභාපතිවරු හා මන්ත‍්‍රිවරු ඇතුළු අතිවිශල ජනතාවක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya