සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයේ සංවර්ධනයට කොරියානු රජයේ පුර්ණ සහය

    දෙසැම්බර් 15, 2015
     
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සියළු සහය ලබා දීමට කොරියානු රජය කැමැත්තෙන් පසුවන බව කොරියානු තානාපති වොන් සැම් චැන්ග් මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත දන්වා ඇත.
    කොරියානු තානාපතිවරයා මේ බව දන්වා සිටියේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර අමාත්‍යංශයේදී  හමුවූ අවස්ථාවේදීය. 
     
    මෙහිදී කොරියානු තානාපති වොන්  සැම් චැන්ග් මහතා  කියා සිටියේ ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා දැනුම, පුහුණුව මෙන්ම තාක්ෂණික පහසුකම් ද ලබා දීමට තම රට සුදානම් බවය. 
     
    මෙහිදී ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා තරුණ පරපුරට මනා දැනුමක් මෙන්ම පුහුණුවක් ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා නවීන තාක්ෂණය ධීවර කර්මාන්තයට යොදාගැනීම සඳහා තරුණ ආකර්ෂණය දිනා ගත යුතු බවත් ඒ සඳහා පුහුණු විද්‍යාලයක අවශ්‍යතාව පිළිබඳව ද කරුණු දැක්විය.
     
    අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු දැක්වීම හා ධීවර ක්ෂේත්‍රය කෙරෙහි අමාත්‍යවරයා දක්වන උනන්දුව හා කැපවීම අගය කල කොරියානු තානාපතිවරයා ලෝක ධීවර කර්මාන්තය හා තරඟ කළ හැකි ධීවර වෘත්තිකයින් බිහිකිරීම පිණිස පුහුණු විද්‍යාලයක් ලබා දීම සලකා බලන බවත් ඒ සඳහා කොයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන ලෙසස පැවසීය.
     
    ධීවර ක්ෂේත්‍රය පිළිබඳ  සොයා බැලීම සඳහා එරටටපැමිණෙන්නැයි කොරියානු රජයේ නිල ආරාධනය ද කොරියානු තානාපති වොන් සැම් චැන්ග් මහතා විසින් ධීවර හා ජලජ සම්පත්  සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත නිල වශයෙන් භාර දුන්නේය. 
     
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා කොරියානු රජය දක්වන උනන්දුව හා කැපවීම මහත් සේ අගය කළ දිලිප් වෙදආරච්චි මහතා එරට නිල සංචාරයක් සඳහා කළ නිල ආරාධනය සම්බන්ධයෙන් එරට රජයට ස්තූතිය පල කළ අතර එම සංචාරයේදී ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන කොරියානු ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමටද අමාත්‍යවරයා කැමැත්ත පල කළේය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya