මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් ඉඩම් අහිමිවන කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවට වන්දි ප්රදානය කිරීම නිමිත්තෙන් පසුගියදා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනවරමත් සමඟ රට ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා වසර 5ක වැඩපිළිවෙළක මුල් පියවර 2016 අයවැය යෝජනාවලියත් සමඟ ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ සඳහා බොහෝ දෙනා කැප කිරීම් කිරීමට සූදානම් වී සිටින බව ද පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා එක්ව ඉතිහාසයේ කවරදාකවත් නොවූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් රට ඉදිරියට රැගෙන යන මොහොතේ රටේ සියලු ජනතාව ද කැප කිරීම කිරීමට සූදානම් විය යුතු බවයි.
වෘත්තීය අයිතීන් දිනා ගත යුතු වුවත් පටු අරමුණු වෙනුවෙන් කටයුතු නොයුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
kpm