සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මාන්තයේ දියුණුවට කොරියාවෙන් අතහිත

    දෙසැම්බර් 12, 2015
     
    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා මෙම ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතීම සඳහා කොරියන් රජය නියෝජනය කරමින්  පැමිණි කොරියන් තානාපති Won - sam CHANG  මහතා හා කවුන්සලර් Ji - sun JUN  මහත්මිය සමඟ සුහද හමුවක් පසුගියදා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.
    එහිදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ සංකල්පයකට අනුව දැනට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ගොවිතැනින් ඈත්ව යන බැවින් ඔවුන්ට නවීන තාක්ෂණයෙන් හෙබි උසස් අධ්‍යාපනයක් හැදෑරීමට සහ එම උගත් දේ උපයෝගී කරගනිමින් නූතන කෘෂිකර්මාන්තයට පිවිසීමට අවශ්‍ය දොරගුළු විවෘත කිරීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් වෘත්තීය කෘෂි කාර්මික උසස් අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල අනුබද්ධිතව ඇති කිරීමට සාකච්ඡා කරන ලදී.මෙහිදී කොරියානු රජය මඟින් මෙම කටයුත්ත සඳහා දායකත්වය ලබා දීමට කැමැත්ත පළ කරන ලදී. මෙමඟින් ගොවිතැනින් ඉවත්වී යන නූතන පරම්පරාව ගොවිතැනට සමීපකරවීම අමාත්‍යවරයාගේ අදහසයි.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya