නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පර්යේෂණ සහකාරවරුන් සදහා පුහුණු වැඩමුළුවක්

    දෙසැම්බර් 10, 2015
    පාර්ලිමේන්තු ආණ්ඩුකරණයේ වැදගත් වෙනසක් සිදුකර ඒ තුළින් මුළු මහත් පාර්ලිමේන්තුවම ආණ්ඩුකරණයේ කොටස්කරුවන් කර ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. 
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාර්ය මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරුන් 75 දෙනෙකු සඳහා සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවති එක් දින වැඩ මුළුවේ සමාරම්භක උත්සවයේදීය.
     
    ඒ සදහා අවශ්‍ය පුහුණුව හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කරගතයුතු බවත් ලංකාවේ ඇතිවෙමින් පවතින ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සදහා ගැලපෙන පාර්ලිමේන්තුවක් තිබිය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.  එමෙන්ම ජනතා සුබසෙත සදහා කටයුතු කරන මන්ත්‍රිවරුන් බිහිකිරීම රජයේ බලාපොරොත්තුව බවද අමාත්‍යවරයා පැවසීය.
     
    USAID ආධාර යටතේ ක්‍රියාත්මක මෙම පුහුණු වැඩ මුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශය විසින් සංවිධානය කර ඇත. ප්‍රදේශයේ සංවර්ධනය සදහා විමධ්‍යගත අයවැයෙන් වෙන් කරනු ලබන අරමුදල් ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා සැකසීම, තොරතුරු ඒකරාශී කිරීම සහ ඒ සදහා අවශ්‍ය පර්යේෂණ ක්‍රමවේද පිළිබඳව පර්යේෂණ සහකාරවරුන් දැනුවත් කිරීම මෙම වැඩ සටහනෙන් සිදු වේ.
     
    ඒ සදහා මේ ආකාරයේ පුහුණු වැඩ සටහනක් පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙයයි.  
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව ,USAID  දුත මණ්ඩල අධ්‍යක්ෂ රීඩ් හෙල්ස්මන්ස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී වුහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya