නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය නියමිත කාලයට පැවැත්වීමට උත්සාහ කරනවා- ඇමැති රාජිත සේනාරත්න

    දෙසැම්බර් 10, 2015

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට උපරීම උත්සාහයක් ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අද පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    නව මැතිවරණ ක්‍රමය යටතේ එම මැතිවරණය පැවැත්වෙන බැවින් එහි සීමා නිර්ණයන් සම්බන්ධයෙන් විශාල යෝජනා ලැබී තිබුණු ද එම යෝජනාවල වැඩි ප්‍රමාණයක් එක හා සමාන වන බැවින් එම නිර්නයන් පිළිබඳ තීරණය පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ජනාධිපතිතුමා හා අගමැතිතුමා ද නියමිත දිනය මෙම මැතිවරණය පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya