ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා විසින් කොළඹ ගලධාරි හෝටලයේ දී පසුගියදා මෙම සම්මානය ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා ලදී.
මෙම සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහා මේ වසරේදී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් හිමිවුන සම්මාන අතරින් විශේෂ සම්මානයක් ලෙස සැළකිය හැක. පසුගියදා ඉන්දියාවේ මානව සම්පත් කළමනාකරණ සමාජය විසින් පිරිනැමූ “දකුණු ආසියාවේ මානව සම්පත් විශිෂ්ඨතා සම්මානය ද මේ අතරට එක්වූ තවත් සම්මානයකි .
ශ්‍රීලංකන් ගුවන් සමාගම රටවල් 47 ගමනාන්ත 99ක් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරන අතර ලෝකය පුරා සිටින සේවක පිරිසක් ඔස්සේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට යුරෝපය සහ ආසියාව වෙත ගුවන් මෙහෙයුම් සිදුකරයි.
ජාතික ගුවන් සේවය එහි මානව සම්පත් කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක්
අත්පත් කරගෙන ඇති අතර ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා ආකර්ශණීය අවස්ථා ඇති කරමින් සේවක දක්ෂතා සංවර්ධනය,රැකියා උත්පාදනය මෙන්ම ගුවන් සමාගමේ විවිධ ක්‍රියාකාරකම් සඳහා සේවක සහභාගීත්වය යනාදී කරුණු රැසක් කෙරෙහි කටයුතු කරනු ලැබේ.
2015 වසර සඳහා ගුවන් සමාගම විසින්‘Red to Black වැඩසටහනක් දියත් කළ අතර මෙමගින් සේවකයන් සඳහා ගුවන්
සමාගමේ අභිවෘද්ධිය සඳහා නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථා හිමිකර දෙන ලදී. ගුවන් සමාගමේ සේවක හැකියා ප්‍රදර්ශනය සඳහා ‘Verso 2015’වැඩසටහනත් පුහුණු සේවකයන් තුළින් රැකියා ඇබෑර්තු පුරප්පාඩු පිරවීම සඳහා “succession pools’වැඩසටහනත් නායකත්ව සහ කළමනාකරණ සංවර්ධන වැඩසටහන් ද ගුවන් සමාගම විසින් දියත් කර ඇත.
AP