සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීඝවාපියට ඔසු උයනක්...

    දෙසැම්බර් 08, 2015
    ඓතිහාසික දීඝවාපී පූජා භූමියේ ඔසු උයනක් ඉදි කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. 
    පසුගියදා දීඝවාපිය පූජා භූමිය වැඳ පුදා ගැනීමට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
     
    ඉහළ ඖෂධීය හා වාණිජ වටිනාකමකින් යුතු බොහෝ ඖෂධීය ශාඛ මේ වන විට වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබේ. 
     
    ඉදිරියේදී මෙවැනි ශාඛ සොයා ගැනීම මහත් අපහසු කාර්යයක් වන අතර දේශීය වෙදකමේ පැවැත්ම හා සුරක්ෂිතතාව සඳහා ද මෙවැනි ගස්-වැල් ආරක්ෂා කර තබා ගැනීම වැදගත් වේ.එහෙයින් විධිමත් ලෙස ඔසු උයන් සකසා මෙවැනි ශාඛ ආරක්ෂා කිරීම අනාගත පරම්පරාව වෙනුවෙන් සිදු කරනු ලබන අමිල ආයෝජනයක් ද වනු ඇති බවද ඒ මහතා පැවසීය.
     
    ආරක්ෂාකාරී ලෙස මෙන්ම වැඩි අවධානයකින් යුතුව මෙවැනි ඔසු උයනක් ප්‍රායෝගිකව පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලීමේ දී දීඝවාපිය වැනි පූජා භූමි ඒ සඳහා සුදුසු පාරිසරික තත්ත්වයන්ට හිමිකම් කියන බවත් ගමේ පන්සල ආශ්‍රිත පැවතුණු හෙළ වෙදකමට යළි පණ දීමට ද මෙවැනි ඔසු උයනක් මනා පිටිවහළක් වනු ඇති බවත් අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya