සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්බලන්ගොඩ- අකුරල දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂක සංඥා පද්ධතියක්

    දෙසැම්බර් 08, 2015
     
    අම්බලන්ගොඩ, අකුරල අනතුරුදායක දුම්රිය හරස් මාර්ගය සදහා ආරක්ෂක සංඥා පද්ධතියක් (විදුලි සංඥා /Bell and Light) පද්ධතියක් සවිකිරීම ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා සිදු කෙරිණි.
    මෙම අවස්ථාවට සහභාගි වු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදහස් දක්වමින් මෙම ස්ථානයේ දුම්රිය මගින් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. ගම්වාසීන්ගේ ඉල්ලීම මත අද දින මෙම දුම්රිය හරස් මාර්ගය සඳහා විදුලි සංඥා පද්ධතියක් සවි කර ගැනීමට හැකිවු බවත් කුමන දේශපාලන තත්ත්වයක් මත වුවද මෙම අවශ්‍යතාවය සියලු දෙනාටම ප්‍රයෝජනවත් වී ඇති බවත් පැවසීය. 
     
    මීට ප්‍රථම සුනාමිය සිදුවු අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට ඉතා ඉක්මනින් කොළඹ මාතර දුම්රිය මාර්ගය සකස් කිරීමට හැකිවු බවත් අමාත්‍යවරයා මෙහිදි සිහිපත් කළේය.අපි මේ ගෙන යනු ලබන ජාතික රජය තුළ සිදු කරන  සංවර්ධන ක්‍රියාදාමයන් කිසිදු දේශපාලන භේදයකින් තොරව ජනතාවට ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් සිදු කරනු ලබන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya