සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද බිමේ දී දිවිපිදූ සහ තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක්

    දෙසැම්බර් 08, 2015

    මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව පසුගියදා (06) ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.

    උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුහද හමුව සඳහා උතුරු මැද නාවික විධාන බල ප්‍රදේශය තුළ පදිංචිව සිටින, ක්‍රියාන්විත රාජකාරියේදී ආබාධිතව විශ්‍රාම ගන්වා සිටින නාවික රණවිරු පවුල් 90ක සාමාජිකයින් සහභාගී විය.

     

    මාතෘ භූමියේ ස්වෛරීත්වය හා ඒකීයභාවය වෙනුවෙන් අභීතව සටන්වැද දිවිපුද කළ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් මෙම සුහද හමුව ආරම්භ විය. එහිදී සෞඛ්‍ය වෛද්‍ය සායනයක් හා දන්ත වෛද්‍ය සායනයක්ද පැවැත්වුණ අතර, වැටුප්, විශ්‍රාම වැටුප් හා රක්ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුනට ඇති ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කාර්යාල ස්ථාපිත කර අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.

     

    දරු දැරියන් වෙනුවෙන් සංගීත සංදර්ශනයක් හා විශේෂ විනෝදාත්මක අංගයන් රැසක් ද මෙම සුහද හමුව වෙනුවෙන් සංවිධානය කර තිබිණි. තවද, එම අවස්ථාවට සහභාගී වූ රණවිරු පවුල්වල සියළුම සාමාජිකයන්හට දිවා ආහාරය ලබා දීමටද කටයුතු කළ අතර, පැමිණ සිටි දරු දැරියන් සඳහා දිනපොත්, තෑගි වවුචර් සහ තෑගි පාර්සල් බෙදා දීමක්ද එහිදී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya