සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනයට රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩසටහනක්

    දෙසැම්බර් 07, 2015

    ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රට ලෙස ගොඩගැනීම සඳහා සියලුම රාජ්‍ය සේවයකයින් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතා අවධාරණය කරමින් අනිද්දා (09) දින සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් ‘ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය‘ සැමරීමේ විශේෂ වැඩසටහක් සෑම රාජ්‍ය ආයතනයක් තුළම ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.දඩල්ලගේ මහතා සඳහන් කරයි.

    මෙහිදී සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉදිරිපිට දී ආයතනයෙහි හෝ කාර්යාලයෙහි ප්‍රධානියා ජාතික ධජය එසවීම සිදු කරන අතර ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම සිදු වේ.

     

    රණවරුවන් ඇතුළුව දේශය වෙනුවනේ දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීම ද සිදු වේ.

     

    සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් තම තමන්ට පහසු භාෂාවකින් දූෂණයෙන් තොර රටක් ගොඩනැගීම සඳහා වූ ප්‍රතිඥාව කියවීම කියවනු ලබයි.

     

    එසේම ආයතන ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් ලෙස ගොඩනැගීමේ කාර්යය සඳහා කාර්ය මණ්ඩලයේ සෑම දෙනාගේම දායකත්වය අවංකව, අප්‍රමාදව සහ දැඩි කැපවීමකින් යුතුව ලබා දීමේ අවශ්‍යතාව තේමා කර ගත් කෙටි දේශනයක් පැවැත්වීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya