සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය අද වෙනකොට අධ්‍යාපනයට වෙන් කරල තියෙනවා

    දෙසැම්බර් 05, 2015

    හැම රජයක්ම බලන්නේ අධ්‍යාපනයට පුළුවන් තරම් මුදල් වැය කරන් බවත් මෙම වර්තමාන රජය ඉතිහාසයේ වැඩිම මුදල් කන්දරාව අද වෙනකොට අධ්‍යාපනයට වෙන් කරල තිබීම පිළිබදව තමා සතුටු වන බවත් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල අනුලා දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය අමතමින් පැවසීය.

    අධ්‍යාපනයට වෙන් කරන මුදල මදි කියලා පසුගිය කාලේ විශාල හඩක් මතු වුණු අතර අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරන්න කියා මේ ඓතිහාසික ගාලූ පුරවරයේ ඉදන් කොළඹට විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු පාගමනක් ගිය බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. හැම රජයක්ම අධ්‍යාපනයට ප‍්‍රමුඛ තැනක් දෙන බව පැවසූ ඔහු රජයක් වෙනස් වුනා සැනින් ඊළගට පත්වෙන ආණ්ඩුව අධ්‍යාපනයට ගත්තු තීන්දු තීරණ ඒ අයුරින්ම කි‍්‍රයාත්මක කරන බවත් පැවසුවේය‍

     

    වැ​ඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

     

    “ජේ.ආර් ජයවර්ධන මැතිතුමා නොමිලේ පොත් දුන්නාම ඊළගට ආපු ආණ්ඩු සියල්ල ඒක ඉස්සරහට අරගෙන ගියා. පේ‍්‍රමදාස ආණ්ඩුව නොමිලේ නිල ඇදුම දුන්නාම ඒක හැම ආණ්ඩුවක්ම ඉස්සරහට ගෙනිච්චා. අදත් ඒක තව ටිකක් ඉස්සරහට ගෙනහිල්ලා වවුචර් එකකින් හරි දරුවට නිල ඇදුම දෙන ක‍්‍රමවේදය දැන් සකස් කරගෙන යනවා. මට මතකයි රාජපක්ෂ ආණ්ඩුව මහින්දෝදය විද්‍යාගාර හැදුවා. අපි රජයක් හැටියට ඒවා ඉස්සරහට ගෙනියන විදිය තමයි කල්පනා කරන්නේ. ඒ වගේම අපට හැම වෙලාවේම ඇහෙන දෙයක් තමයි හොඳම දේ දරුවන්ට කියන කාරණාව. දෙමව්පියන්ගේ පැත්තෙනුත් දරුවන්ට තමයි හොඳම දේ දෙන්නේ.  ඕනම කෙනෙකුගේ බලාපොරොත්තු ප‍්‍රාර්ථනා ඉටු කරගන්න පුළුවන් හොඳම ඉනිමග අධ්‍යාපනය කියලා මම විශ්වාස කරනවා.


    අපේ ජනප‍්‍රවාදයේ කියමනක් තියෙනවා පාසලක් විවෘත කරනවා කියන්නේ සිර ගෙවල් සීයක් වැහෙනවා කියලා. අපේ දරුවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරලා විනයගරුක, නීතිගරුක මනා ශික්ෂණයකින් යුතු පුද්ගලයෙකු බවට පත් කරන්න මූලිකම අඩිතාලම වැවෙන්නේ පාසලේදී කියලා ජනප‍්‍රවාදයේ කියනවා. පාසල් ගොඩනැඟිලි, විද්‍යාගාර, පුස්තකාල, කි‍්‍රඩාංගන හදන්න අපේ ජාතික ධනයෙන් විශාල මුදලක් හැම ආණ්ඩුවක්ම අධ්‍යාපන වෙනුවෙන් වැය කරන්නේ ඒ නිසයි​“ යැයි කියා සිටියේය​.​


    මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන​, විජේපාල හෙට්ටිආරච්චි මහත්වරුද සහභාගි වූහ​.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya