නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රිය අනතුරුවලින් පැයට 100ක් විශේෂ අවශ්‍යතා ඇති අය වෙයි

    දෙසැම්බර් 04, 2015

    ලෝකයේ රිය අනතුරු නිසා පැයකට 100 දෙනෙක් පමණ විශේෂ අවශ්‍යතා ඇති අය බවට පත්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඊයේ දිනට යෙදී තිබුණු ලෝක ආබාධිත දිනය වෙනුවෙන් කෑගල්ල, බල්ලපාන, ඕලන්දවත්ත පිහිටි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ නිවාසයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදි විශේෂ ආබාධිත සහිත පුද්ගලයින්ගේ කුසලතා එළිදැක්මක් ද පැවතිණි.

     

     විශේෂ අවශ්‍යතා ඇති අය ලෙස ආබාධිත කියන වචනය වෙනස් කර තිබෙන බවත් ඔවුන්ට සමාජයේ ගෞරවයක්, අයිතිවාසිකමක් හිමිවිය යුතුයැයි සිතන නිසා ඒ නමින් හැඳින්වීමට යොමු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    ත‍්‍රිවිධ හමුදාවේ සහෝදරයන් 15,000ක් පමණ යුද්ධය නිසා මේ තත්ත්වයට පත් වී සිටින බව ඒ මහතා  පෙන්වා දුන්නේය.

     

    ඔවුන් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සමාජ වගකීම අප සියලු දෙනා වෙත පැවරී තිබෙන බවත් අලුතින් ගොඩනැගිල්ලක් හදද්දි පවා අපි ඔවුන්ට ගමන් කරන්න ක‍්‍රමවේදයක් සැකසිය යුතු බවට නීතියක් ද පනවා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රජයේ රැකියා සැපයීමේදී ද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ප‍්‍රමුඛතාවයක් දී 3% ක් ඔවුන් වෙනුවෙන් රජයේ රැකියා ලබාදීමට බැඳී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya