සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේත් දකුණේත් ජනතාව අතර සහජීවනය ගොඩනැගීමට ධීවර ක්ෂේත්‍රය පාලමක් කර ගන්නවා- ධීවර රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 04, 2015
     
    දශක ගණනාවක් තිස්සේ පළුදු වී ඇති සිත් යළි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගොනුකර සම්මුතිවාදය තුළින් උතුරේ මෙන්ම දකුණේ ජනතාව අතර සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් ධීවර ක්ෂේත්‍රය පාලමක් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සඳහන් කළේය.
    උතුරේ ධීවර කර්මාන්තය යළි නගා සිටුවීම සහ උතුරේ ධීවර ජනතාවගේ සුභසාධනය මෙන්ම එම ජනතාවගේ ගැටළු පිළිබඳව අද පැවතී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.  
     
    මෙම සාකච්ඡාවේදී අමාත්‍යතුමා සඳහන් කළේ මෙරට ජනතාව කිසිඳු භේදයකින් තොරව ජනවාරි 8 වැනිදා යහපාලනය වෙනුවෙන් තැබූ විශ්වාසය යථාර්තයක් කිරීම සඳහා ජනාධිපතිතුමා හා අගමැතිතුමා ගෙනයන වැඩ පිළිවෙලට ශක්තියක් වෙමින් මෙම සහයෝගීත්වයේ පාලම ගොඩනගන බවය. ඒ වෙනුවෙන් උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ධීවර කර්මාන්තය ආශ්‍රිතව නව රැකියා උත්පාදන වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන බවය.
     
    එමෙන්ම උතුරට නව ධීවර වරායන් හා නැංගුරම්පලවල් ලබාදී ශීතාගාර පහසුකම් ඇතුළු සෙසු අවශ්‍යතා සපුරා, නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්නට නිසි වටිනාකමක් හිමිවන නව වෙළඳ පොළක් සකස් කර  උතුරේ ජනතාවට ද ස්වශක්තියෙන් නැගී සිටිය හැකි අභිමානවත් ජනතාවක් බවට පත්කිරීම තම වැඩ පිළිවෙලේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.
     
    වත්මන් රජයේ ද අරමුණ රටේ සමස්ත ජනතාවටම සහෝදරත්වයෙන් ජිවත් විය හැකි රටක් ගොඩනැගීම බව කියා සිටි අමාත්‍යවරයා එම අරමුණ කරා ළගා විය හැකි පරිදි සහෝදරත්වයේ පාලම ගොඩනැගීමට කැපවන බවය.
    ඒ සඳහා නිසි වැඩ පිළිවෙළක් තමා සතු බව ද මෙම සාකච්ඡාවේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේය.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya