සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තිරසර සංවර්ධන වැඩ පිළිවෙලට දායක කර ගන්නවා- වනජීවී අමාත්‍ය

    දෙසැම්බර් 04, 2015

    ඉදිරියේ දී සියළුම ජාතික වන උද්‍යාන වලට පැමිණෙන සංචාරකයන් හට වන උද්‍යාවලට ඇතුළුවීමට ප්‍රථම සියළු දෙනාහට කෙටි දේශනයක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම දේශනය මඟින් එම වන උද්‍යනයේත්, එහි නීතිරීති පිළිබඳවත් හා පරිසරය රැක ගැනීමේ වටිනාකම පිළිබඳවත් විස්තර කර දීමට සැලසුම් කර ඇත.

    වනජීවී අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකාවේ සියළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව ආචාර්ය මහාචාර්යවරුන් ද සම්බන්ධ කර ගනිමින් වනජීවී සංවර්ධන වැඩ පිළිවෙල සඳහා ඔවුන්ගේ අදහස්, යෝජනා ලබා ගැනීම සදහා පැවති සාච්ජාවේදීය.මෙහිදී කමිටුවක් පිහිටුවා ඉදිරි සැලැස්මට අදාල ව්‍යාපෘති වාර්තාවක් සකසා දෙන ලෙසද අමාත්‍යවරයා දන්වා සිටියේය.

    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ගැටළු මතු වූ සෑම අවස්ථාකවම විශ්වවිද්‍යාල සිසුන් මහ මගට බැස ඔවුන්ගේ අපේක්ෂාවන් දිනා ගැනීම සඳහා අරගල කිරීම අප කවුරුත් දන්නා කරුණකි. එම අරගල වලදී ඔවුන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස්, ඒ වගේම බැට්න් ප්‍රහාරද එල්ලවන අවස්ථා එපමණය. මෙහිදී ඔවුන් අසරණ වෙනවා අප කොතෙකුත් දැක ඇත. විශ්වවිද්‍යාල සිසුන් අරගල වලට පාරට බස්සනවා වෙනුවට රටේ සංවර්ධන වැඩ පිළිවෙල සඳහා දායක කර ගන්නේනම් එය කොයිතරම් දුරට සාර්ථක වන්නේද යන්න අප කාටත් පැහැදිලිව දැකිය හැකි පැහැදිලි කරුණක් වනු නොඅනුමානය.

    මෙම සාකච්ඡාවේ දී ඉස්මතු වුණු තවත් ප්‍රධාන කරුණක් වනුයේ, අමාත්‍යතුමන්ගේ සංකල්පයක් පරිදි. මෙම දේශනා සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යය ශිෂ්‍යාවන් කැමැත්ත පළ කර තිබීමයි.

    ඉදිරියේ දී ක්‍රියාත්මක වන ගමින් ගමට ගොස් අලි මිනිස් ගැටුම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ද විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා දෙන බවට ඔවුන් එකඟ විය. වැඩි දුරටත් අමාත්‍යතුමන් සඳහන් කළේ දේශපාලන නායකයින්ගේ වගකීම බවට පත් වනුයේ නිදහස් අධ්‍යාපනයෙන් ස්වයං පෝෂණය වූ විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාවගේ අදහස් අපතේ යනන්ට ඉඩ නොහරමින් ඔවුන්ව රටෙහි සංවර්ධන ක්‍රියාවලිවයට යොදා ගත යුතු බවයි.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya