අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම චෙන්නායි ගුවන් ගමන් අත්හිටුවයි.

    දෙසැම්බර් 02, 2015
    ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව සහ ගංවතුර තත්වය හේතුවෙන් චෙන්නායි ජාත්‍යන්තර  ගුවන් තොටුපොල වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නුවර දක්වා ගමන් ගන්නා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්වාර හතරක්  අත්හිටුවීමට ගුවන් සමාගම තීරණය කර ඇත.
    ඒ අනුව චෙන්නායි නුවර දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ UL 121, UL 127 ,UL 123 සහ දෙසැම්බර් මස 3 වෙනිදා ගුවන් ගත වීමට තිබූ UL 125 දරණ ගුවන් යානා වල ගුවන් ගමන් වාර මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇත. 
     
    චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යලි විවෘත කළ විගස සියලූ ගුවන් ගමන් වාර යලි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රීලංකන් ගුවන්  සමාගම පවසයි. එහිදී මගීන්ට පහසුකම් සැලසීම සඳහා අතිරේක ගුවන් ගමන් වාර කිහිපයක්ද ක්‍රියාත්මක කිරීමට මේවන විට සැලසුම් කර තිබේ.  
     
    මගීන් හට සිදුව ඇති අපහසුතාවය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින අතර  වැඩිදුර විමසීම සදහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ +94 19733 1979 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වීමට මගීන් සඳහා අවස්ථාව ලබා දී ඇත.
     
    AP 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya