අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ දරුවන්ට අහිමි වන්නේ නැහැ- ඇමැති දයා ගමගේ

    දෙසැම්බර් 02, 2015

    මෙරට දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය, නොමිලයේ පෙළපොත් හා නොමිලේ නිල ඇඳුම් ලබාදීම ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය, කිසි විටෙකත් එම අයිතීන් අහෝසි නොකරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුරයක් ලබාදීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පසුගියදා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළේය.

    නිළ ඇඳුම් අයිතිය තවදුරටත් තහවුරු කරනවා පමණක් නොව, ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ඉදිරි වසරේ දී තවදුරටත් ඉහළ නංවා ඇති බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය.

    නිළ ඇඳුම් සඳහා රෙදි ආනයනය කිරීමේ දී ව්‍යාපාරිකයින් පිරිසක් විසින් වෙළෙඳ මාෆියාවක් පවත්වාගෙන යන බව රජයට අවබෝධ වූ අතර එම රෙදි වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම තුළින් මෙරට සෑම දරුවකුටම ඉහළ අධ්‍යාපනයක් වෙනුවෙන් අවකාශ විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම උත්සවයට ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya