අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් වවුචර්පත් දෙසැම්බර් 4ට පෙර ලබාදීමට පියවර

    දෙසැම්බර් 02, 2015

     

    පාසල් නිල ඇඳුම් සඳහා ලබා දෙන වව්චර්පත් ලබන සිකුරාදාට පෙර (04 දා) සියලු ම පාසල් දරුවන්ට ලබාදීමට සියලු විධිවිධාන යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට ක්‍රියාවට නංවා අවසන් බවයි.

    පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් සංකේතවත් කරමින් ඊයේ (01) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විවිධ පාර්ශවයන්ගෙන් වරින් වර එල්ල වූ අභියෝග හා විරෝධතා මධ්‍යයේ මෙම නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ලැබූණු සහයෝගය අතිශයින් අගය කරන බවත්, මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, දෙමව්පියන්, රෙදි අලෙවිකරුවන්, පාසල් දරුවන් මෙන්ම සියලු සමාජ පාර්ශවකරුවන් ක‍්‍රියාකාරීව සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.


    අද (02) දින වන විට ඒ ඒ පන්තිවල සිසුන් වෙත පන්ති භාර ගුරුවරයා මගින් එම වවුචරපත් ලබාදීමට පියවර ගත යුතු බවත්, පාසල් නිවාඩු දිනයට පෙර තම පන්තිභාර ගුරුවරයා මගින් අදාළ වවුචරපත් ලබාගැනීමට සිසුදරුවන්ට ද වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    2016 වසරේ පාසල් වාරය ආරම්භ වනවිට වවුචර්පත භාවිත කර ලබාගත් නිල ඇඳුම් සහ අලෙවිකරුගෙන් ලබාගත් රිසිට්පත් පන්තිභාර ගුරුවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම සිසුන්ට පැවරේ.

    එමෙන්ම රෙදි අලෙවිකරුවන්ට ද වවුචර පත්වලට අදාළ රෙදි නිකුත් කිරීමේ දී රිසිට්පතක් ලබාදීම අනිවාර්ය වන අතර ගාස්තු අය නොවන එස්එම්එස් පණිවුඩයක් මගින් (0714390000) වවුචරයේ වලංගු බව තහවුරු කරගැනීමට හැකි අතර, අදාළ වවුචරපත් බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අලෙවිකරුගේ ගිණුමට මුදල් බැර කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya