අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියන් යුද හමුදා ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

    දෙසැම්බර් 02, 2015

    මෙරට පස්දින සංචාරයක යෙදෙන ඉන්දියානු හමුදා ප්‍රධානී ජෙනරල් දල්බීර් සිං මහතා (General Dalbir Singh PVSM UYSM AVSM VSM ADC) ඊයේ (01) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.

    මෙම සුහද හමුවේදී දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වන කරුණු සහ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රැසක් මෙහිදී ඉන්දීය හමුදා ප්‍රධානි සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අතර සාකච්ඡා විය.

     

    මෙම හමුව අවසානයේ සුහදතාවය පළකරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම හමුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya