ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද එයාර් සිම්පොසියම් - 2015 (Air Symposium - 2015)'' ගුවන් සමුළුව සඳුදා (නොවැ 30) උදෑසන රත්මලාන අත්තිඩිය ඊගල් ගොල්ෆ් ලේක්සයිඩ් උත්සව ශාලාව (Eagles' Lakeside Banquet & Convention Hall) හිදී ආරම්භ වූ අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමාරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් මේ බව පවසා සිටියේය.
ගුවන් සමුළුව - 2015 ආරම්භ කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. ගුවන් සමුළුවේ සමාරම්භක සැසිය "සාමුද්‍රික සහ ගුවන් ආරක්ෂාව හරහා ජාතිය නැගීම මැයෙන් ('Nation Building through Maritime Air Security") නම් කොට තිබුණි.
සැසිය අමතමින් ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය යහපාලන ප්‍රතිපත්ති තුල මෙම අවශ්‍යතාවය ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇති බවත් මෙතුලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව ඉහල මානයකට ගෙන ඒමට නව දර්ශනයක් සහිතව කටයුතු කරන බවත් පැවසිය.
එසේම නීතිවිරෝධී මිනිස් ජාවාරම, අනවසර පතල්, වන විනාශය, දඩයම්කරුවන්, වෙනත් සම්පත් ජාවාරම්, කඩා කප්පල්කාරී වැඩ මැඩලීමට හෝ මර්ධනය කිරීමට මෙන්ම මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා සාර්ථකව මුහුණදීමට ගුවන් සහ සාමුද්‍රික සේවා තුලින් සාර්ථක උපායමාර්ගික වැඩපිළිවලක් සකස් කල හැකි බව ද ඔහු පැවසීය. එමෙන්ම එවැනි යථාර්තවාදී උපායමාර්ග සකස් කිරීමේ ඇති වැදගත්කමද තවදුරටත් මෙහිදී අවධාරණය කරන ලදී.
සිය දේශයන් අවසන් කරමින් හෙට්ටිආරච්චි මහතා පැවසුයේ අපි ඉතිහාසය තුළින් සහ අත්දැකීම් තුළින් අප පාඩම් ඉගනගත යුතු බවත් එතුළින් විශේෂයෙන් ගුවනේ සහ සමුදුරේ ආරක්ෂාව තවදුරටත් වර්ධනය කරගත යුතු බවයි.
ගුවන් සමුළුවේ දී සහභාගි වූ ආරාධිත දේශකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙතින් නාවික සෝදිසි කිරිම සහ බේරා ගැනීම, නාවික සහ ගුවන් ඒකාබද්ධ මෙහෙයුම්, නාවික ආවේක්ෂණ මෙහෙයුම්, පිළිබඳව ඉදිරිපත්කිරීම් සහ දේශන පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.