අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන වෙරළාරක්‍ෂක බලකා නියෝජිතයින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය හමුවේ

    දෙසැම්බර් 02, 2015

    සිවු දෙනෙක්ගෙන් යුත් ජපාන වෙරළාරක්‍ෂක බලකායට (Japanese Coast Guard) අයත් නියෝජිතයින් පිරිසක් ඊයේ (01) පස්වරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

    ජපාන වෙරළාරක්‍ෂක බලකායේ ජාත්‍යන්තර සමුද්‍රික දූෂණය වැළැක්වීම පිළිබඳව අංශයේ අධ්‍යක්‍ෂක (International Marine Pollution Prevention Division) කොමාන්ඩර් රයෝජි හයාෂි (Commander Ryoji Hayashi) මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරන ලද අතර මෙම සුහද හමුවේදී වෙරළ ආරක්‍ෂාව පිළිබඳව සිදුකෙරෙන කටයුතු පිලිබඳ මෙන්ම ද්විපාර්ශවික වශයෙන් දෙරටට වැදගත් වන කරුණු රැසක් රාජ්‍ය අමාත්‍යවරයා සහ ජපාන නියෝජිත පිරිස අතර සාකච්ඡා විය.

     

    මෙම හමුව අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයා සහ ජපාන නියෝජිත පිරිස අතර සුහදතාවය පළ කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

     

    ආරම්භයේදී මැරිටයිම් සේෆ්ටි ඒජන්සි (Maritime Safety Agency) නමින් හැඳින් වූ ජාපන වෙරළාරක්‍ෂක බලකාය 1948 වසරේ පිහිටුවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya