අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

    දෙසැම්බර් 02, 2015

    සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා සහ අණදෙන නිලධාරී සිද් රිස්වාන් කලීඩ් මහතා ඊයේ (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

    එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ඉහළ නැංවීම හා පුහුණු කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ද එක් විය.

     

    සිව් දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි “ශම්ෂීර්” නෞකාව දෙසැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya