අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨවලට බඳවා ගැනීම් දෙගුණයකින් වැඩි කිරීමට පියවර

    දෙසැම්බර් 01, 2015

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට වත්මන් රජය කටයුතු යොදා ඇති බවත් ඉදිරි වසර තුන ඇතුළත එක් එක් ප‍්‍රදේශවල ඇතිවන ගුරු අවශ්‍යතා අනුව ගුරු පුහුණුවෙන් පසු තමා පදිංචි ප‍්‍රදේශයේ ම රාජකාරී කළ හැකිවන පරිදි එම ගුරුවරුන්ට පත්වීම් ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඞ් තරගාවලිය සහ ජාතික ගණිත තරගාවලිය 2015 ජයග‍්‍රාහකයින් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානෝත්සවය අද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ අධ්‍යාපනයේ අනාගතය ගැන සිතා නිවැරදි සෘජු තීරණ ගන්නට කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

    ඉහළින් සමත්වීමට දරුවන්ට මගපෙන්විය හැකි ගුරුවරුන් බිහිකිරීම යුගයේ අවශ්‍යතාව බවත් ඒ වෙනුවෙන් ගුරු මධ්‍යස්ථාන 109ක් නවීකරණය කර ඒවායේ විධිමත් හා අඛණ්ඩ ගුරු පුහුණු කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ගණිත විෂය පොතපතට සීමා නොකර සුවිශේෂ කුසලතාවලින් පිරිපුන් දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලියෙන් ජයග‍්‍රහණ ලබන සිසු දරුවන් අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරග සඳහා යොමුකරනු ලැබේ.

    වාස්තු විද්‍යාඥ ජාතික භාරයේ සභාපති මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් මෙහි ආරාධිත දේශනය පවත්වන ලදී.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ කි‍්‍රෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් ඩබ්. එම්. බන්දුසේන, මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya