අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ යුගයේ යහපාලනය හා සංහිඳියාව ගොඩනැගිය යුතුයි - ජනමාධ්‍ය ඇමැති

    දෙසැම්බර් 01, 2015

    යහපාලනය හා සංහිඳියාව ගොඩනැගිය යුතු යුගයක අප සිටින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මුනව්වරුල් අෆ්ලල් මහතා විසින් රචිත "බෞද්ධ ඉස්ලාමීය සුහදත්වය සහ මුස්ලිම් සමාජය" නම් කෘතිය දොරට වැඩුම උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජාතික සමඟිය මෙන්ම සමඟි සහජීවනය හා සබැදියාව මෙරටට ඉතාමත් අවශ්‍ය කරන යුගයක මෙවැනි කෘති එළි දැක්වීම ගැන අෆ්ලාල් මහතාට විශේෂිත ගෞරවයක් පුද කරන බව

    ජාතික , ආගමික, සමාජීය සමඟිය සහජීවනය, සංහිඳියාව අවශ්‍ය වකවානුවක මෙවැනි කෘතියක් එළි දැක්වීම වැදගත් බවත් ලංකා ඉතිහාසය ගැන රොබට් නොක්ස් මහතා ලියූ ‘එදා හෙළ දිව‘ නම් කෘතියේ මුස්ලිම් සිංහල සම්බන්ධතාවය ගැන ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    හැම ආගමිකයෙක්ම ප්‍රකාශ කරන්නේ සුහදත්වය සහජීවන වර්ධනය කර ගත යුතු බවයි. ජාතික සමඟිය එකට ජීවත්වීම ගැන අපි අවබෝධ කර ගතයුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා, දඹර අමිල හිමි ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා සහ බේරුවල ප‍්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya