අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි

    දෙසැම්බර් 01, 2015

    දිවයින ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ස්ථානවල සවස 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට උදය කාලයේ ද වැසි ඇති වියහැකි බවද නිවේදනය කරයි.සමහර ස්ථානවලට ඉතා තද වැසි  (මිලී මීටර් 150 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya