අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යට කළමනාකරණ සේවයක් ඇති කිරීමට පියවර

    නොවැම්බර් 30, 2015

    රාජ්‍ය කළමනාකරණ සේවයෙන් වෙන්ව සෞඛ්‍ය කළමනාකරණ සේවයක් ඇති කරන යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මාලිගාවත්ත ප‍්‍රදීපා ශාලාවේ පැවති කළමනාකරණ සේවා නිලධාරින්ගේ වාර්ෂික සමුළුව සඳහා එක්වෙමිනි.

    සෞඛ්‍ය කළමනාකරණ සේවාවේ අවශ්‍යතාව තමා කැබිනට් මණඩලයට පැහැදිලි කළ බවත් ප්‍රතිපත්තියක් ලෙස කැබිනට් මණඩලය එය පිළිගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වෘත්තීය සමිතියක් ඉතා වැදගත් වන අතර වෘත්තීය සමිති නායකයෝ එක්ක කතා කර වෘත්තීයේ තිබෙන ප්‍රශ්න පිළිබඳ කතා කළ යුතු බවත් එහිදී බහුතරයට ඇහුම්කන් දී ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බවත් ඒ මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya