මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලුගස්වැව කෘෂි උරුම ගම්මානයක්

    නොවැම්බර් 30, 2015
    සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් හෝ පූද්ගලික අංශයේ සේවකයෙකුට වැඩිවන බඩු මිලට සාපේක්ෂව වැටුප වැඩි වෙනවා.හැබැයි ගොවියාට එහෙම නෑ.අපි ගොවියා රකින්නේ කොහොමද . ගොවියා රැක ගත හැකි වෙන්නේ නිෂ්පාදන වියදම අවම කිරීම හරහා පමණයි යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති පලුගස්වැව ආරම්භ කෙරෙන කෘෂි උරුම ගම්මානය පිළිබදව කෘෂි නිලධාරීන්, වාරි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනේදීය.
     
    වියැකී යමින් පවතින දේශිය වගා ක්‍රම ජනතාව අතරට නැවත ගෙන ඒම මෙහි අරමුණ වේ.මූලික අදියර යටතේ පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොකුරු වැව් 8 ක්, ගම්මාන 2 ක හෙක්ටයාර දහසක වගාබිම් මෙම වැඩසටහනට යොදා ගැනීමට නියමිතය.අහාර කෘෂිකර්ම සංවිධානය මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය දක්වයි.
     
    අපිට තිබෙන සීමිත බිම් ප්‍රමාණයේ වගා කන්න ප්‍රමාණය වැඩි කර ගෙන හෝ අමතර භෝග සදහා යොමු වෙලා ගොවියාට අමතර මුදලක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කර දිය යුතුමයි.ඒ නිසා මේ වන විට කෘෂිකර්ම අමාත්‍යංශය කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදුන්වා දී එම කෘෂිකර්ම ප්‍රතිපත්තිය හරහා ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කරන නායකත්වය ලබා දෙන්න සූදානම් වන්නේ. ගොවියා ගොවිතැනින් ආරක්ෂා කරනවා වගේම ගොවිතැනට අලුත් මුහුණුවරයන් හදුන්වා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා.අපේ ඉලක්කයක් තිබෙනවා ගොවි මහතා ගොවිතැනේ පමණක් රදා සිටුවන්නේ නැතිව ගොවිමහතා ව්‍යාපාරිකයකු බවට පත් කරන්න.ගොවියා නිෂ්පාදනය කරන වී ටික ගමේ පොඩි වී මොලක් හරහා කොටා සහල් නිෂ්පාදනය සදහා යොමු කරවන්න අපි බලාපොරොත්තු වෙනවා.අද කෘෂිකර්මාන්තයට ප්‍රශ්න රැසක් 
    තියෙනවා.ගොවිතැනේ ගොවියා තියා ගන්න, ගොවිතැන් කරවන්න ගැටලු තියෙනවා.
     
    විශාල වශයෙන් ඉඩම් තිබුණද වගා කිරීමට පුද්ගලයින් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා.රෝමයේ පැවති ලෝක ආහාර සංවිධානයේ රැස්වීම  මම සහභාගී වුණා. එහිදී එම සංවිධානයේ සභාපතිවරයා කැමති වුණා ශ්‍රී ලංකාවට උදව් කරන්න.ලෝක ආහාර සංවිධානය කෘෂිකර්ම අමාත්‍යංශය සමග එකට එකතු වෙලා ඒ අයගේ ව්‍යාපෘතීන් මෙරට ක්‍රියාත්මක කරන්න සාකච්ජා කළා.ඒ වගේම ලෝක බැංකුවත් කෘෂි කර්මාන්තය නගා සිටුවන්න ඒ අයගේ සහය ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.
     
    ඉදිරියේදී වැව් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා, එහිදී එල්ලංගා පද්ධතියක්ම ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා, ඒ වගේම පවුල් 400 ක් ගෙවතු වගාවට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.වෙනදා වගේ ඇට ටික , පැළ ටික නිකම් බෙදලා නෙමෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ඇතිව වගාවන් සිදු කරවන්න බලාපොරොත්තු වෙනවා.
     
    අපි ආරම්භ කළා මාර්ග දෙපස පළතුරු පැළ සිටුවන්න, මාර්ග දෙපස ජීවත් වන ජනතාවට ඒ පැළ රැක බලාගන්න, අස්වැන්න ලබා ගන්න හැකියාව තියෙනවා.දේශිය වී සදහා තැනක් ලබා දෙන්න අපි දේශිය වී වගාව සදහා යොමු වීමටත්  දේශිය වී ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම බඩ ඉරිගු ගොවීන් 6,000 ක් වෙනුවෙන් රුපියල් 15,000 ක ණය මුදලක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.ඒ මගින් පිට රටින් මෙරටට අපනයනය කරන බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපනයනය නොකර සිටිමට අපිට හැකි වෙයි යැයි එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තවදුරටත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya