මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ගම්මානයක් පිහිටුවීමට පියවර ගැනේ

    නොවැම්බර් 30, 2015
    කෘෂිකර්ම අමාත්‍යංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය එක්ව අනුරාධපුර මහ ඉලුප්පලම ආශ්‍රිතව පළතුරු ගම්මානයක් ඉදි කිරීමට පියවර ගෙන ඇත.
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සංකල්යක් අනුව නිර්මාණය වන මෙම පළතුරු ගම්මාන වැඩසටහන මහඉලුප්පල්ලම සංගට්ටෑව හා කඩියන්ගල්ල යන ගම්මාන මුල් කර ගනිමින්  ක්‍රියාත්මක කෙරේ.ලංකාවේ පළතුරු පරිභෝජනය සමාජ ගත කිරීමත්, දේශිය පළතුරු භාවිතය ඉහළ නංවමින් ආනයනික පළතුරු සදහා සීමා පැනවීමත්, දේශිය පළතුරු සදහා ඉහළ මිලක් ලබා දී වෙළදපොළ අවස්ථා පුළුල් කිරීමත් මෙම පළතුරු ගම්මාන බිහි කිරීමේ අරමුණයි.
     
    එහි පළමු අදියර ලෙස නිලධාරීන් හා මහ ඉලුප්ල්ලම සංගට්ටෑව හා කඩියන්ගල්ල යන ගම්මානයන්හී ගම්වාසීන් සමග සාකච්ජාවක් පසුගියදා පුලියන්කුළම තරුණ ප්‍රජා මූල මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම සාකච්ජාව සදහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති ධම්මික පීරිස් මහතා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ ආචාර්ය සෙනවිරත්න මහතා ඇතුළු කඩියන්ගල්ල හා සංගට්ටෑව ප්‍රදේශයේ ගොවි සමිති නායකයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ. තවද පළතුරු ගම්මාන ඉදි කිරීමට සුදුසු ඉඩම් පිළිබදවද නිළධාරීන් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
     
    මෙම සාකච්ජාවේදී ගොවීන් ඉල්ලා සිටියේ නිරන්තරයෙන් අලින්ගෙන් වගාවන්ට හානි සිදුවන බවත් වන අලින්ගෙන් සිදුවන හානි වැලැක්වීමට අලි වැටක් ඉදි කිරීම, වැසි රහිත කාළ වලදී ඇති වන ජල හිගයට විසදුම් ලෙස වගා ලිං සකස්කර දීම, කෘෂි මාර්ග පිළිසකර කිරීම හා නිෂ්පාදනය කිරීමට අදහස් කරන පළතුරු සදහා සහතික මිලක් ලබා දීමට කටයුතු කරන ලෙසය.
     
    ගොවීන්ගේ ගැටලු සදහා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීම මත  කඩිනම් විසදුම් ලබා දී කඩිනමින් පළතුරු ගම්මාන බිහි කරන බවද ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති ධම්මික පීරිස් මහතා එහිදී පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya