අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමෙන් රජයට මිලියන ගනනක ඉතිරියක්

    නොවැම්බර් 27, 2015

    පාසල් සිසුන්ගේ නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීම තුළින් රජය මිලියන ගනනක ඉතිරියක් සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමේ සම්බන්ධයෙන් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (27)අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයෙන් පැවැත් විණි.

     

    වව්චර් නිකුත් කිරීම ලබන 01 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිත අතර ලබන 03 වැනි දා වන විට නිල ඇඳුම් වව්චර් ලබාදීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

     

    2015 වසරේ මෙම නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 2300ක් වැය කර තිබුණු අතර මෙවර රුපියල් මිලියන 2600ක් වෙන් කළ අතර ඉන් මිලියන ගනනක ඉතිරියක් වව්චර් ලබාදීම තුළින් සිදු වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    සාමාන්‍ය වෙළෙද වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ද මෙම වව්චර් සඳහා ලබා දී තිබේ. වව්චර් වාර්ග 14ක් සහ රෙදි වර්ග 21ක් නිකුත් කරන අතර එම පාසලේ විදුහල්පතිවරයාට ලැබෙන වව්චර් පංති ගුරුවරයා විසින් සිසුන් වෙත මෙම වව්චර් නිකුත් කරනු ලැබේ.

     

    1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා මෙම වව්චර් ඔවුන්ගේ දෙමාපියන්ට ලබා දීම සිදු වන අතර අනෙකුත් සිසුන් අතට මෙම වව්චර් ලබා දීම සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ මෙම පාසල් නිල ඇඳුම් මිල දී ගැනීම දිවයිනේ ඕනෑම රෙදිපිළි වෙළෙඳ සැලකින් ලබා ගත හැකි බවයි.

    මෙම සත්කාරක වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් විදුහල්පතිවරුන් වෙත ද විශාල වගකීමක් තිබෙන බවත් පාසල් නිවාඩුවට පෙර සියලුම පාසල් නිල ඇඳුම් වව්චර් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya