සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදාතා හරිත කඩමණ්ඩිය කාර්මික තාක්ෂණ ආයතනයේදී

    නොවැම්බර් 27, 2015
    ලෝක විද්‍යා දිනය සැමරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් සංවිධානය කළ විදාතා හරිත කඩමණ්ඩිය - 2015,  විදාතා ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
    ව්‍යවසායකයන් 80 දෙනෙකුගේ නිෂ්පාදන ඇතුළත්ව විදාතා හරිත කඩමණ්ඩිය 2015 නොවැම්බර් මස 26.27,28 තෙදින පුරා පැවැත්වේ.
     
    විදාතා හරිත කඩමණ්ඩිය, ගමට තාක්ෂණය ගෙන ය‍න විදාතා වැඩ සටහන යටතේ බිහි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට වෙළඳ පොල අවස්ථාවන් ලබා දීම තුළින් තම නිෂ්පාදන පාරිභෝගික සමාජය තුල ප්‍රචලිත කිරීමට අවස්ථාව ලබා දීම මෙන්ම පාරිභෝගිකයා වෙත වස විසෙන් තොර ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත්වේ.
     
    අමාත්‍යංශය යටතේ තිබෙන පර්යේෂණ ආයතනයන්හි නව සොයාගැනීම් සහ නව තාක්ෂණයන් පිළිබඳ දැනුම ගමට ගෙනයාමේ කාර්යය දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන මඟින් සිදු කරනු ලබයි. එහිදී එක් එක් ප්‍රදේශ මට්ටමින් බහුලව පවතින ස්වාභාවික සම්පත් පිළිබඳව මෙන්ම එම ජනතාවට අවශ්‍ය තාක්ෂණය හඳුනාගැනීමත් ඒ සඳහා උචිත තාක්ෂණික දැනුම සහ අලෙවිකරණ දැනුම ලබා දීමත් සිදුකරනු ලබයි. එමඟින් මේ වන විට ගම් මට්ටමින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් බිහි කිරීමට අවස්ථාව ලැබී ඇත.ප්‍රදර්ශනයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ දේශන මාලාවක් ද අමාත්‍යංශය මඟින් සංවිධාන කර ඇත.  
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya