සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනවා.-ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 27, 2015
     
    2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයෙන් ධීවර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මුල් පියවර තබා ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    ධීවර ක්ෂේත්‍රයේ එම හැරවුම් ලක්ෂයත් සමඟ ලාංකික ධීවරයාට මහත් අභිමානයෙන් යුක්තව ජීවත්විය හැකි ආර්ථික හා සමාජීය පසුබිමක් නිර්මාණය වනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.
     
    අමාත්‍යවරයා මෙසේ පැවසුයේ තංගල්ලේ ධීවර කාර්මිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකට සහභාගී වෙමිනි. 
     
    විශාල ප්‍රමාණයේ යාත්‍රා ධීවර කර්මාන්තයට යොදවා ගැනීමට අයවැය මඟින් යෝජනා කිරීමම ලාංකික ධීවරයා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමක් බවත් නවීන ලෝකය හා බද්ධ වී යන ගමනට තරුණ ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බවත්  අමාත්‍යවරයා මෙහිදී  පෙන්වා දුන්නේය. හැකියාවට රැකියාවක් මුල් කර ගනිමින් තරුණ කොටස්  ධීවර කර්මාන්තය කෙරෙහි නැඹුරු කර ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කර කර්මාන්තය පිළිබඳ නිසි පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බවද තවදුරටත් පැවසීය.
     
    ධීවර කර්මාන්තය ගෞරවාන්විත ආදායම් උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සදහා මනා කළමනාකරණයක් යටතේ ධීවර ක්ෂේත්‍ර මෙහෙය වන බව ද අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya