සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් හෝ බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නෑ- අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 26, 2015

    ත්‍රස්තවාදී පනත යටතේ පුද්ගලයන් සංඛ්‍යාවක් නිදහස් කිරීමේ සිද්ධිය මඟින් ජාතික අරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් හෝ බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නොවන බවත් එහි පූර්ණ වගකීම හා බර රජය අරගෙන කටයුතු සිදු කර ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින සැකකරුවන් සංඛ්‍යාවක් මුදාහැරීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවට සමාජයේ කථිකාවක් ඇතිවී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කිරීම වෙනුවෙන් අද (26) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.


    ත්‍රස්තවාදී  පනත යටතේ රදවා සිටිය අය පසුගිය රජය කාලයෙත් මුදා හැරියා.දේශපාලන වාසි තකා ප්‍රකශ කළත්, මෙහි සත්‍යතාවක් නෑ.ත්‍රස්තවදී පනත යටතේ අධි චෝදනා යටතේ වැරදි කරුවන් සංඛ්‍යාව 56ක්, අධිචෝදනා ලබා සිටින සැකකරුවන් සංඛ්‍යව 124ක්, අධිචෝදනා ඉදිරිපත් නොකර පරීක්ෂණ පවත්වන සැකකරුවන් සංඛ්‍යාව 24ක් සම්පූර්ණ සංඛ්‍යාව 204ක් බවද අමාත්‍යවරයා පැවසී ය.


    ඇපමත මුදා හැරීමේ කොන්දේසි මත නොවැම්බර් 11 දින 31ක් ද නොවැම්බර් 16 දින 08 ක් ද ලෙස 39ක් ඇප මත මුදා හැරීමට එකඟ වී තිබෙනවා.20 දෙනෙකු හදුනාගෙන සිටිනවා, වරද පිළිගෙන පුනරුත්ථාපනය යටතේ මුදා හැරීමට.

    2010 ජනවරි 22 දින කණ්ඩායම් 2ක් මුදා හැර තිබුණා.ඉන් පසු යුද්ධය අවසාන අදියරේ ඉදිරිපෙළ සටන් කළ 12,000ක් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කර සමජ ගත කර තිබුණා.

    මේ රටේ ජාතික සංහිදියාව ඇතිකරන්නට උත්සහ දරන අවස්ථවක් ජාත්‍යන්තර අධිකරණයකින් පරීක්ෂණ කරන්න හදන අවස්ථවක් මේ මුදාහැරී කරන්නේ.අපිට පුළුවන් කම ලැබුණා සාමකාමී වාතාවරණයක් ඇතිකරන්නට, ජාත්‍යන්තරයට පිළිගැනීමක් ඇති කරන්නට.


    එල්.ටී.ටී.ඊ ඉදිරිපෙළ කවුරුත් මෙතැන නෑ.අපි සැකකරුවන් සමඟ සාකච්ඡා කළා.අප ඒ අයට පැහැදිළි කළා නීතියට අනුව පමණයි කටයුතු කරන්නේ කියලා.අප සිරකරුවන් ඉල්ලන සැම දේම කරන්නේ නෑ. ඒ.ටී.ටී.ඊ ය තහනම් සංවිධානයක්.අප රටේ භූමිය තුළ රට
    දෙකට බෙදීමේ ව්‍යාපාරයක් කිරීමට නීතියෙන් අවසර නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya