සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිනිය හෙට දිවයිනට

    නොවැම්බර් 20, 2015

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මිය (Samantha Power, U.S. Permanent Representative to the United Nations) හෙට (21) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් සමන්තා පවර් මහත්මිය දිවයිනට පැමිණෙනු ඇත.

     

    සමන්තා පවර් සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ මෙන්ම සිවිල් සහ තරුණ සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

     

    එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමටද ඇමෙරිකානු තානාපතිවරිය සැලසුම් කර ඇති අතර පළාතේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya