අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති- කොරියානු තානපති හමුවක්

    නොවැම්බර් 20, 2015
    කොරියානු රජයේ ශ්‍රි ලංකා තානාපති Chang Won-Sam මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා  හමුවිම පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.  
    දෙසැම්බර් 04 සිට 07 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වීමට නියමිත කොරියානු චිත්‍රපට  උළෙල පිළිබදව සාකච්ඡාවක් හා ජනමාධ්‍ය ඇමැතිවරයා හට එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ලෙස ආරාධනා කිරීමත් මෙහිදී සිදු කෙරිණි.
     
    මෙහිදී දෙරට අතර මාධ්‍යවේදීන්ගේ දැනුම හුවමාරු කර ගැනීම සඳහා මෙරටින්  මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එරටට යැවීමටත් එරට මාධ්‍යවේදීන්ට මෙරට මාධ්‍ය ආයතනයන් පිළිබඳ හැදැරීමට අවස්ථාව සලසා දීම පිළිබඳවත් සාකච්ජාවට ලක් කල බවද  අමාත්‍යවරයා පැවසීය.
     
    එමෙන්ම පාසැල් දරුවන්ගේ මාධ්‍ය භාවිතය හා රසඥතාවය පිළිබඳවත් මෙහිදී සාකච්ජා කළ අතර ඒ සම්බන්ධයෙන් දිය හැකි සහයෝගය ලබා දීමට බලාපොරාත්තු වන හෙයින් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසද තානාපතිවරයා ඉල්ලීමක් කර ඇත.
     
    මීට අමතරව නොමිලේ හා සාධාරණ මිළ ගණන් වලට කොරියා - ශ්‍රී ලංකා රූපවාහිනි වැඩ සටහන් හා ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවද ගයන්ත කරුණාතිලක මහතා තවදුරටත් පැවසීය.
     
    මෙම හමුවට  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ  ලේකම් වජිර නාරම්පනාව මහතාද  සහභාගි විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya