මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාව වෙනුවෙන් ජංගම සේවයක්

    නොවැම්බර් 19, 2015
    පක්ෂ පාට ජාති කුල බේද ඇතුළු සියලු ආකාරයේ බේද අතහැර සමස්ථ ධීවර ජනතාවගේම යහපත වෙනුවෙන් කැප වන බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    හලාවත පම්බලමේදී අද ආරම්භවූ ධීවර පුබුදුව ජංගම සේවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා මෙසේ පැවසීය. 
     
    එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනවාරි 8 දේශපාලන පෙරළියත් සමඟ බිහිවූ දින 100 යේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ම ධීවර ජනතාවගේ ගැටළු පිළිබඳ අවධානයට ලක් කිරීමට හැකිවීමේ ප්‍රථිපල අද දවස වන විට සමස්ථ රටටම දැනීමට පටන් ගෙන ඇති බවය .
     
    එලෙස ආරම්භ කළ වැඩ පිළිවෙල අනුව ධීවර ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් මෙන්ම යුරෝපා සංගමය පැන වූ මාළු අපනයන තහනම මාස කීපයක් තුළ  ඉවත් කර ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා යුරෝපා මත්ස්‍ය තහනම ජනවාරි මාසයේදී නිසැකවම ඉවත් කර ගැනීමට හැකි වන බවද කියා සිටියේ ය.
     
    යුරෝපා සංගමය මත්ස්‍ය අපනයනය සඳහා තහනමක් පැන වුයේ පසුගිය රජය ධීවරයා වෙනුවෙන් නිසි ප්‍රතිපත්තියක් යටතේ කටයුතු නොකිරීම හේතුවෙන් බවත් යහපාලන ආණ්ඩුව බලයට පත් වී පළමු කාර්යය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රමුඛ අවධානය යුරෝපා මාළු තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් යොමු වීම සමස්ථ ධීවර ප්‍රජාවම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව කියා සිටියේය.
     
    එම තහනම හේතුවෙන් ධීවර ජනතාවට මෙන්ම සමස්ථ රට වැසියාටම සහන රැසක් අහිමි වී ගිය බවත් අහිමි වූ සහන වත්මන් රජයේ නිවැරදි වැඩපිළිවෙල හේතුවෙන් නැවත ලබා දීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
     
    අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් ,යහපාලන ආණ්ඩුවේ ධීවර අමාත්‍ය ධුරය දරන මහින්ද අමරවීර මහතාත් රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ තමාත් එකම ආසනයෙන් පක්ෂ දෙකකින් තරඟ කර ධීවර අමාත්‍ය ධුරයන්හි ඉතා මිත්‍රශීලිව කටයුතු කරමින් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවය.
     
    හලාවත පම්බලදී ආරම්භ වූ ධීවර පුබුදුව ජංගම සේවය අද දවස පුරා පැවැත්වීමට නියමිත අතර එහිදී ධීවර ජනතාවගේ ගැටළු සාකච්ඡා කර විසඳුම් ලබාදීමටත් ධීවර ජනතාවට ද්‍රව්‍ය බෙදා දීමත් සිදු කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු ආයතන ප්‍රධානින් ප්‍රමුඛ නිලධාරීන් එක්විය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya