අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 26ක් අත්අඩංගුවට

    නොවැම්බර් 19, 2015

    කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, සේත්තවාඩිය සහ උච්චමුණිය අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 15ක් ඊයේ (18) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

    එහිදී තංගුස් දැල් 13ක්, ඔක්සිජන් සිලින්ඩර් 18ක්, කිමිදුම් වරල් යුගල් 4ක් සහ කිමිදුම් මුහුණු ආවරණ 5ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.


     
    අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya