අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති හමුවේ

    නොවැම්බර් 19, 2015

    රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර ඊයේ (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

    එහිදී නාවික හමුදාධිපති තුමන් විසින් ඒ මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර,  ඒ මහතා 1945 වර්ෂයේදී එනම් වයස අවුරුදු 19ක තරුණයෙකුව සිටියදී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරයන් පිළිබද සිය මතක සටහන් නාවික හමුදාධිපතිතුමා සමග ප්‍රකාශ කර සිටින ලදී.

     

    රාජකීය නාවික හමුදා උප සේවයේ සාමාජිකයෙකු වන ලුතිනන් කොමාණ්ඩර් ස්කොට් මහතාට තම 90වන ජන්ම දිනය ශ්‍රී ලංකාවේදී සැමරීමට ලැබීම විශේෂ අවස්ථාවක් විය.

     

    එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් ලුතිනන් කොමාණ්ඩර් ස්කොට් මහතාට දීර්ඝායුෂ සහ නීරෝගී දිවියට සුභපැතුම් එක්කර සිටින ලද අතර, නාවික හමුදාවේ රාජකාරී කළ කාල සීමාව තුලදී එතුමාගේ මතකයේ රැඳුනු නාවික ආයතනයන්හි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කිරීමට හැකි බවද නාවික හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya