අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝගාතූරව සිටින ​​රංගදර සුනිල් හෙට්ටිආරච්චිගේ සුවදුක් බැලීමට ඇමති ගයන්ත යයි

    නොවැම්බර් 18, 2015

    මේ වන විට දැඩි ලෙස රෝගාතුරව සිටින ප‍්‍රවීණ රංගදරයකු වන සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳුදා (16) ඒ මහතා සිටින මාලිගාවත්ත නිවසට ගියේය. රෝගාතුරව සිටින සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් විමසා ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ආධාරයක් පිරිනැමීම ද ඇමතිවරයා අතින් සිදුවිණි.


    තම ජීවිත කාලයෙන් බොහෝ කාලයක් වසර 30කට අධික තරම් වූ කාල පරාසයක් ශී‍්‍ර ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කල, හා රසිකයන් හිනැස්සූ හෙට්ටිආරච්චි මහතාට ඇමතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

     

    අමාත්‍යවරයා පවුලේ උදවිය සමඟ සුහඳ පිළිසරක ද යෙදුනු අතර තම පියාගේ සුවදුක් බැලීමට තම නිවසටම පැමිණීම පිළිබඳව ගයන්ත කරුණාතිලක මහතාට තම කෘතඥතාවය පළකරන බව එතුමාගේ දරු දැරියන් ඇතළු පවුලේ උදවිය කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya