අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කටයුතු සම්බන්ධයෙන් යුරෝපා සංගමය සතුට පළ කරයි.

    නොවැම්බර් 18, 2015
     
    යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් ගෙන ඇති ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබදව තම කණ්ඩායමේ ප්‍රශංසාව හා සතුට පල කරන බව යුරෝපා සංගමයේ ධීවර කටයුතු පිළිබද ජේෂ්ඨ උපදේශක සීසර් ඩෙබන් මහතා පවසයි.
    අද දින යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේ  සීසර් ඩෙබන් මහතා අමාත්‍යවරයා හමුවේ මෙසේ පැවසීය.
     
    යුරෝපා සංගමය මගින් ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සම්බන්ධයෙන් පෙන්වා දී ඇති දුර්වලතා ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය දැඩි උත්සාහයක යෙදෙන බවත්, නීති විරෝධී, වාර්තා නොකරන හා අවිධිමත් ධීවර කටයුතු නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඉතා ඉහළ බවත්, සීසර් ඩෙබන් මහතා අමාත්‍යවරයා වෙත පැවසීය.
     
    නීති විරෝධී, වාර්තා නොකරන හා අවිධිමත් ධීවර කටයුතු නැවැත්වීම සඳහා ගත් ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදුකරන බවත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් හා දෙපාර්තමේන්තුවේ හැකියාවන් ශක්තිමත් කිරීම යනාදී කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවත් නියෝජිත කණ්ඩායම ඉදිරියේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    ඉදිරියේදී යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    එම අවස්ථාවට පැමිණ සිටි යුරෝපා සංගමයේ සාමාජිකාවන් දෙදෙනා වන Ms.Desiree KJOLSEN හා Ms. Isabelle PERRET පසුගිය දින ධීවර වරායන් (බේරුවල ධීවර වරාය) නිරීක්ෂණය කළ අතර, එහිදී ඔවුන් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්දැයි සොයා බලනු ලැබීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya