මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩන අවපාතය තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වෙයි-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 16, 2015

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වී එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර අද(16) දින සවස හෝ රාත්‍රී කාලයේ තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    අද (16) මධ්‍යහාන 12ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන පරිදි දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට යම් තාක් දුරකට අඩු වනු ඇතයි අපේක්ෂා කෙරේ.

     දිවයිනෙහි උතුරු පළාතේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙක් පළාත්වල විශේෂයෙන් සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකිය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya