අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීම ආරම්භ කළා- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

    නොවැම්බර් 16, 2015

    අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබාදීම දැනටමත් ආරම්භ කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.

    දින ගණනාවක සිට ආපදා තත්වයක් නිර්මාණය වී තිබෙනවා.යාපනය දිස්ත්‍රික්කය, මන්නාරම ,ගම්පහ ප්‍රදේශවල වැඩිවශයෙන් මේ තත්ත්වය දැකිය හැකියි.

    මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අවශ්‍ය මුදල් යවා තිබෙන බව කී අමාත්‍යවරයා, යාපනය දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 4.2ක් මන්නාරම දිස්ත්‍රික්කයට රුපියල් මිලියනයක්, ගම්පහට රුපියල් මිලියනයක් යවා තිබෙන බවත් අවශ්‍ය වුවහොත් ඉදිරි කටයුතු සඳහා සහාය ලබාදෙන බවත් පැවසී ය.

    වැසි සහිත කාලගුණ තත්ත්වය අවසන් වූ පසු පශ්චාත් සහන ලබාදීමේ වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya