අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ජනතාවට ආහාර ඇතුළු සියලු පහසුකම්

    නොවැම්බර් 16, 2015


    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවත් මේ වනවිට ඔවුන් වෙනුවෙන් ආහාර පාන ඇතුළු සියලු අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පෙලි මහතා පවසයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උදැසන නිකුත් කළ වාර්තාවට අනුව වර්ෂාව හා ගංවතුර හේතුවෙන් පවුල් 38752ක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගලයන් 135338ක් පීඩාවට පත්ව සිටිති.පූර්ණ නිවාස හානි 63ක් හා අර්ධ නිවාස හානි 1198ක් හානියට පත්ව තිබේ.

    මේ වනවිට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන 99ක ස්ථානගතවී සිටින අතර පවුල් 4169ක් සහ පුද්ගලයන් 15036ක් මෙසේ ආරක්ෂිතව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya