අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හයිලන්ඩ් නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීමට පියවර

    නොවැම්බර් 16, 2015
     
    ලබන වසරේ මාර්තු මාසය වන විට මිල්කෝ සමාගම විසින් "හයිලන්ඩ්" නාමය සහිතව වෙළඳපලට නිකුත් කෙරෙන සියළු නිෂ්පාදන වල ධාරිතාවය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇතිබව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
    ඒ මහතා මේ බව පැවසුවේ ලංකාව පුරා පිහිටි හයිලන්ඩ් අලෙවි නියෝජිතයන් සමඟ පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති හමුවකදීය.
     
    හයිලන්ඩ් අලෙවි නියෝජිතයන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනිමේදි මතු වන ගැටළු හා ඒවාට ලබා දියයුතු විසදුම් සඳහා මෙම හමුව පැවැත්වූ අතර එහිදි සියළු නියෝජිතවරුන් අමාත්‍යවරයාට පවසා සිටියේ හයිලන්ඩ් වෙළඳ නාමය සහිත සියළු නිෂ්පාදන සඳහා තම ප්‍රදේශයන්හි ජනතාවගෙන් විශාල ඉල්ලුමක් පවතින බවත්, නමුත් එම ඉල්ලුමට අනුව සැපයුම ලබාදිමට ආයතනය අපොහොසත්ව ඇති බවත්ය.
     
    එහිදි අමාත්‍යවරයා අලෙවි නියෝජිතයන් අමතා පවසා සිටියේ මිල්කෝ ආයතනයේ පැරණි යන්ත්‍ර සුත්‍ර නිසා ජනතාවට අවශ්‍ය නිෂ්පාදන ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වී ඇති බවයි. නමුත් මිල්කෝ සමාගම සඳහා නවතම තාක්ෂණය අනුව නව කාර්මාන්ත ශාලාවක් බඩල්ගම ප්‍රදේශයේ ඉදිවන බවත් එයට අමතරව අඹේවෙල, නාරහේන්පිට හා දිගන කර්මාන්ත ශාලාවල නවීනතම යන්තු සුත්‍ර ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කරන බවත්ය.
     
    එම ඉදිකිරීම් අවසන් කල පසු දැනට නිෂ්පාදනය කරනු ලබන ධාරිතාව මෙන් දෙගුණයකින් හයිලන්ඩ් නිෂ්පාදන වෙළඳ පොල වෙත යැවීමට හැකිවන බවත්, බඩල්ගම කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසු දිනකට කිරි ලීටර් ලක්ෂ 02 ක පමණ නිෂ්පාදන කටයුතු සිදුකල හැකි බවත්ය. තවද දේශිය දියර කිරි අවශ්‍යතාවය ඉහල නැංවීම සඳහා මේ වනවිට රජය මගින් දෙනුන් 4000ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇති බවත්, ඉදිරියේදි තවත් දෙනුන් 20000ක් පමණ ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පවසා සිටියහ.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක මිය, මිල්කෝ සභාපති ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya