අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2040 වනවිට මිලියන 640ක් දියවැඩියා රෝගය සමඟ ජීවත් වෙයි!

    නොවැම්බර් 15, 2015

    වසර 2040 වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 640ක් දියවැඩියා රෝගය සමඟ ජීවත්වීමට සිදුවන බව International Diabetes Federation පවසයි.

     

    දියවැඩියා රෝගය ලෝකයේ වසංගත තත්වයක් බවට වර්ධනය වී ඇති බවත් එය නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්
    වෛද්‍යවරු පෙන්වා දෙයි.

    ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 දිනට යෙදී තිබෙන අතර ''යහපත් අනාගතයක් උදෙසා තම ජීවන රටාව ගොඩනගන්න'' මෙවර තේමාව වී තිබේ.


    International Diabetes Federationපෙන්වා දෙන අන්දමට මේ වනවිටත් ලෝකයේ මිලියන 415ක් දියවැඩියා රෝගයෙන් පෙළෙති.

    යුරෝපය මිලියන 71.1ක්,මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය මිලියන 72.1ක් අප්‍රිකානු කලාපය මිලියන 34.2ක් අග්නිදිග ආසියානු කලාපය මිලියන 140.2ක් වසර 2040 වනවිට දියවැඩියා රෝගයට ගොදුරු විය හැකි බවද වාර්තා පෙන්වා දෙයි.

     

    උපත් හතකින් එක් අයෙක් දියවැඩියාවට ගොදුරුවීමේ අවධානමක් පවති.එමෙන් ම සෑම තත්පර හයකට වරක් දියවැඩියාව
    නිසා රෝගියෙකු මිය යන බවද International Diabetes Federation වාර්තා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya