අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දියවැඩියා දිනයට සමගාමීව දැනුවත් කිරීමේ පාගමනක් අද

    නොවැම්බර් 15, 2015

    ලෝක දියවැඩියා දිනයට සමගාමීව දියවැඩියා රෝගය පිළිබදව පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක් හා රෝග නිර්ණ සායනයක් මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විශේෂඥ වෛද්‍ය සී.එන්. ඇන්තනී පිල්ලේ මහතා පවසයි.

     

    මහනුවර මහරෝහලේ දියවැඩියා සහා අන්තරාසර්ග ඒකකය හා ඩයබීටීස් ශ්‍රි ලංකා සංවිධානය එක්ව මෙම පාගමන සංවිධානය කොට තිබේ. 2015. නොවැම්බර් 15 දින (අද) පෙ.ව. 7.00ට මහනුවර මහ රෝහල අසලින් ආරම්භ වන පාගමන, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොල දක්වාත් එතැන් සිට බණ්ඩාරනායක මාවත, දළදා වීදිය ඔස්සේ ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයට පැමිණිමට නියමිතය. මෙම පාගමන සදහා විවිධ ආයතන නියෝජනය කරමින් 2000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.

     

    පාගමනින් අනතුරුව ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදී පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන දියවැඩියා රෝග නිර්ණ සායනයේදි 1500දෙනෙකු පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya