අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කීර්තිමත් හා අත්දැකීම් බහුල ක්‍රියාශීලී නිළධාරීන්ගෙන් විශ්‍රාම වයස නොතකා උපරිම ප්‍රයෝජනයක් ගත යුතුයි

    නොවැම්බර් 15, 2015

    පසුගිය ආණ්ඩුව මගින් රාජ්‍ය සේවයේ සේවක ප්‍රමාණය ඉහළ නැංවූව ද එමගින් රාජ්‍ය අංශයේ අපේක්ෂිත කාර්යක්ෂමතාවක් වාර්තා නොවූ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

     

    විවිධ අංශ තුළ පමණ ඉක්මවා නිළධාරීන් ස්ථානගත කර තිබුණ ද මහජන සේවා සැපයීමේ දී හා රජයේ කටයුතු මෙහෙයවීමේ දී ප්‍රමාණවත් සහායක් ලබා දෙන්නේ ඉන් ඉතාම සීමිත පිරිසක් පමණක් බවද අමාත්‍යවරයා පවසයි.

     

    දැනට රාජ්‍ය සේවය තුළ සිටින කීර්තිමත් හා අත්දැකීම් බහුල ක්‍රියාශීලී නිළධාරීන්ගෙන් විශ්‍රාම වයස නොතකා උපරිම ප්‍රයෝජනයක් ගත යුතු බව ද අමාත්‍යවරයා පවසයි. වයස අවුරුදු පනස් පහ හෝ හැට සම්පූර්ණ වූ පසු විශ්‍රාම යා යුතු බව මෙරට තුළ නියමයක් සේ ක්‍රියාත්මක වුව ද දියුණු රටවල් එවැනි දක්ෂ නිළධාරීන්ගෙන් මිය යන තෙක්ම උපරිම සේවාවක් ලබා
    ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    ගාල්ල, අක්මීමන ලබුදූවේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට
    සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya