අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවැඩියාව පවතීනම් වසරකට වරක් අනිවාර්යෙන් ම අක්ෂි පරික්ෂාවක් කරගත යුතුයි

    නොවැම්බර් 15, 2015

    දියවැඩියාව පවතීනම් වසරකට වරක් අනිවාර්යෙන් ම අක්ෂි පරික්ෂාවක් කරගත යුතු බව කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය බිනර අමරසිංහ මහතා පවසයි.

    රටේ දියවැඩියා රෝගයට ගොදුරුවන ප්‍රමාණය වැඩි වී තිබෙන බවත් සියයට 12%ක් නගරාශ්‍රිතව දියවැඩියා රෝගීන් ප්‍රමාණය වැඩි වී තිබෙන බවත් වෛද්‍ය බිනර අමරසිංහ මහතා පවසයි.


    බොහෝ දියවැඩියා රෝගීන්ට තමන්ට දියවැඩියාව වැළඳී තිබෙන බවට අවබෝධයක් නෑ.මෙවර ලෝක දියවැඩියා දිනය
    නොවැම්බර් 14 දිනට යෙදී තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව අන්ධභාවය ඇතිකරන දියවැඩියාව සිව්වන
    තැනට පත්ව තිබෙනවා.සියයට 50%ක් ඇසේ සුද ඇතිවීම, සියයට12%ක් ග්ලුකෝමා ඇතිවීම වයසට යාම නිසා සියයට 10%ක්
    සහ දියවැඩියාව නිසා අන්ධභාවයට පත්වීම සියයට 5%ක් වෙනවා.

     

    අපේ රටේ දියවැඩියා රෝගයට ගොදුරුවන ප්‍රමාණය වැඩි වී තිබෙනවා.සිය්යට 12%ක් නගරාශ්‍රිතව දියවැඩියා රෝගීන්
    ප්‍රමාණය වැඩියි.දැන් එය සියයට 24%ක් වෙලා.මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්වන තත්වය මත මෙය ඇතිවී තිබෙන්නේ. වයස
    අවුරුදු 31-45ත් අතර මේ තත්ත්වය දැනටමත් පෙනෙන්නට තිබෙනවා.දියවැඩියා රෝගය නිසා දෘෂ්ටි විතානයේ
    කේෂනාලිකාවල සංකූලතා ඇතිවිය හැකියි.දෘෂ්ටි විතානය ඉදිමිය හැකියි.දියවැඩියාවෙන් අන්ධභාවයට පත්වන බව බොහෝ
    දෙනා දන්නේ නෑ.දියවැඩියාව මුල් අවස්ථාවේ හදුනාගැනීමට පුළුවන් නම් ඇසේ අන්ධභාවය ඇතිවන අවස්ථාව අඩුකර
    ගන්නට පුළුවන්. දියවැඩියාව ඇති රෝගියෙක් වසරකට වරක් ඇස් පරික්ෂාව කරගත යුතුයි.

     

    දියවැඩියා සායන අක්ෂ සාහයනවලට සහභාගී වී අක්ෂ පරික්ෂා කරගැනීම වැදගත්.අක්ෂි රෝහලේ විශේෂ සායනයක් සෑම
    බ්‍රාස්පතින්දා දිනකම සවස 2,00ට පැවැත්වෙනවා. ඒ සඳහා සහභගී වී දියවැඩිය තත්වය හා අක්ෂි පරික්ෂාකරගත හැකියි.
    පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය බිනර අමරසිංහ මහතා මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya